Thursday, May 3, 2012

පාර දිගට එළි බල බල... පසුවදනක්

මේ පෝස්ට් එක (පාර දිගට එළි බල බල...) කියවපු මගේ හිතවතෙක් එක්ක කරපු සංවාදයක් නිසා මේකට පසුවදනක් එක්කරන්න හිතුනා.

බොහොම දෙනෙක් වාහන එලෙව්වට ලංකාවෙ මාර්ග නීති ගැනවත් පොදු දේපළක් වන මහා මාර්ගය භාවිතා කරද්දි පිළිපදින පොදු අනුග්‍රාහකත්වය (Common Curtsey) ගැනවත් වැඩි අවබෝධයක් නැති බවයි පේන්නේ.

ලංකාවෙ මාර්නීතිය ඇතුළත් 'Highway Code' එක මෙතනින් කියවන්න. මේ කරුණු අපි හැමදෙනාම පිළිපැද්දොත් කාටත් කරදර අඩු වේවි. ඒ වගෙම මාර් අණතුරුත් අඩු වේවි.

නීතිය ලියවිලා තියෙන නිසා උවමනාව තියෙන කෙනෙකුට හොයාගෙන කියවන්න පුලුවන්. නමුත් Common Curtsies කියෙන්න කොහෙවත් ලියවෙච්ච දෙයක් නෙවෙයි නෙ. ඒ නිසා ඒ ගැන ලියන්න අද මතක පොතේ පිටුවක් වෙන් කරනව.


මට මතකයි ටික කාලෙකට කලින් තමන්ගෙ පිටිපස්සෙන ආපු වාහනේ නලාව ශබ්ද කරල ඉස්සර කරන්න ඉඩක් ඉල්ලුවහම ඉදිරිපසින් තියෙන වාහනේ තමන්ට පුළුවන් තරම් අයිනට කරලා සංඤාවකුත් දෙනව ඉදිරිය පැහැදිලියි හෝ පැහදිලි නෑ කියල. ඉස්සර කරලා යන වාහනේ යන්නේ තමන්ට ආරක්ෂාකාරීව යන්න ඉඩ සලස්සපු රියදුරාට නලාව ශබ්ද කරලා 'බොහොම ස්තුතියි' කියල. ඒත් අද එහෙම රියදුරන් දකින්න ලැබෙන්නෙ බොහොම කළාතුරකින්. 

රියදුරන් තමන්ගෙ නොසැළකිල්ල නිසා හිරිහැරයක් සිදුවුනු වෙනත් වාහනයක් නලාව ශබ්ද කරලා ඒ ගැන දැන්වුවොත් ඒ ගැන ලජ්ජාවට පත් වුනා. ඒ හරහා තමන් ආයෙමත් ඒ වරද නොකරන්න සනිටුහන් කරගත්තා. නමුත් අද...?

මම අහල තියෙනව පළපුරුදු රියදුරන් කියන තවත් කතාවක් තමා 'පිටිපස්සෙන් ආපු වාහනෙන් හෝන් පාරක් කෑවනෙ', වැනි වදන් පෙළවල්. 'හෝන් පාරක් කෑව' කියල ඔවුන් කියන්නේ හරියට නිකන් 'කනේ පාරක් කෑව' කියන ලැජ්ජාවෙන්. නමුත් අද ඉන්න එකාලට බැහැල ගිහින් කනේ පාරක් දුන්නත් ලැජ්ජාවක් නෑ.

මම පුංචි සන්දියෙ අහල තියෙනවා ලොරි වගේ බර වාහන ල වැඩකරන ක්ලීනර් ලා කියනවා 'අහවල් රියදුරා කහට තේ 24න් යාපනේ ඉඳන් කොළඹ ආවා' වැනි කථා. මේ කහට තේ 24 කතාව පරන රියදුරෙකු ගෙන ඇහුවම ලැබුනු උත්තරේ තමයි, 'මහත්තයෝ අපි තේ බොන්න පුරුදු වුනේ මේ ඩ්‍රයිවර් රස්සව නිසාම තමා. මේ තඩි ලොරියක් පටු පාරකට දැම්මම පාරම ඇහිරෙනව. ඉතින් අපි පුරුදු වුනා අපේ පස්සෙන් හිරවෙන වාහන ටික යන්නත් එක්ක මඟ තැන් තඇන් වල ටික වෙලාවක් නවත්තන්න. ඔය නවත්තපු එකේ ප්ලේන්ටියකුත් බීලම යන්න.' ඔන්න ඔහොමයි පරන බරවාහන රියදුරන් තමන් එලවන වාහනය නිසා අනුන්ට වෙන අවහිරය වැලැක්වුවෙ. නමුත් අද...?

ඒ වගේමයි කඳුකර මාර්යක ගමන් කරන වාහන නිතරම කන්ද නඟින වාහනයට ඉඩ දීම. බර පටවගෙන අමාරුවෙන් කන්ද නඟින කෙනාට ලබාදුන්නු අනුග්‍රහය අපේ  පැරැන්නො ඒ විදිහටම වාහන වලටත් ලබාදුන්න. ඒ වගේම තමයි දුර්ඝ මාර්ඝයක නිතරම බෑවුම පැත්තෙන් ධාවනය වන වාහන වලට ඉඩ ලබා දීම. නමුත් අවාසනාවකට වගේ මේ දේවල් දන්න, පිළිපදින අය අද ඉතාම ස්වල්පයයි ඉන්නෙ. 

රථවාහන තාක්ශණයෙන් නොදියුනු යුගයේ මේ දේවල් මිනිස්සු අකුරට පිළිපැද්දා. අපි දියුනු වෙලා කියල හිතාගෙන ගිහින් තියෙන්නෙ පස්සට කියල හිතෙන්නෙ නැද්ද? තාක්ශණය දියුනු වෙලා මිනිස්සු පිරිහිලාද?

මේ මට මතක් වෙච්චි ටිකක් විතරයි. ඔබට?

6 comments:

  1. අපි නම් ඉස්සරහ රාළහාමි කෙනෙක් ඉන්නව කියන්න හෙඩ් ලයිට් එක එකපාරක් හොල්ලනව. අනිවාර්යයි. අන්න එහෙමයි මම නම් අනුග්‍රහය දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි නියම බුවාල.

      හැබයි මචෝ බලාගෙන ලයිට් ගහන්නෙ, ඉස්සරහ ඉන්න රාළහමි කෙනෙක් දැක්කොත් ඒකටත් දඩයක් ගහයි 'අනවශ්‍ය ලෙස නියමු පහන් දැල්වීම කියල'. අනේ රටකට ගිය කළ.

      Delete
    2. හැබැයි අපේ යාළුවෙක් කිව්වා, මං නං මළාට ලයිට් එක ගහන්නේ නැහැ. ඇයි අපි එහෙම කරන්නේ? අපි එහෙම කරලා වැරදි කරන අයට අනුබල දෙනවානේ කියලා. ඒකෙත් වැරැද්දක් නැහැ බලං ගියහම නේද? කොහොම වුනත් ඉස්සරහින් එන අය එහෙම දැන්වූහම මේ පැත්තෙන් යන අය හරි අගේට යනවා අනේ. බලන්න එපැයි ලස්සන........ :)

      Delete
    3. වේග මාපකයක් දාලා අධිවේගයන් යන වාහන අල්ල ගන්න එක හරි. නමුත් ඉස්සරහින් එන වාහනේට තව වාහනයකින් සිග්නල් එක දීලා අහුවෙන්න නැති වෙන්න හෙමින් යන එකේ වැරද්දක් නෑ නේ. උවමනාව තියෙන්න වේග සීමාව ඉක්මවා වාහනය නොපැදවීම නම් මොන විදිහෙන් හරි ඒ දෙයම නේ වෙන්නෙ.

      Delete
  2. machan dan nam 18 wanguwa para hadala.....wahana dekakata maru wenna puluwan widihata :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් වංගු ටික කෙලින් කරලද දන්නේ නෑ. යන්න ඕනෙ ඒ පැත්තෙ බලන්න.

      Delete

බ්ලොග් එකක් සිංහලෙන් ලියන එකේ අමාරුව දන්නේ සිංහලෙන් බ්ලොග් ලියපු එකෙක්ම තමා. එහෙව් අමාරුවෙන් ලියන බ්ලොග් එක කියවල ඒකට කමෙන්ටුවක් දාන්නෙ එහෙමත් කරුණාවන්ත ඇත්තෙක් තමා. මට ඒ හැම කමෙන්ටුවක්ම රටක් වටිනව...