පාසල් කාලෙ මිත්‍රයෙකුට ලැබිච්ච ටිකක් කන රිදෙන අත්දැකීමක් තමයි මේ කියන්න යන්නෙ;
ඔය කාලෙන් කාලෙට එනවනෙ එක එක විදිහෙ චින්තන. කාලයක් තිබුන විශ්ව විද්‍යාලවල කොල්ලො කෙල්ලො අතරෙ 'සර්ව අසුභවාදී' චින්තනේ. සර්ව අසුභවාදීන්ට ලෝකෙ තියෙන තරමක් දේවල් අසුභයි, නරකයි, වැඩක් නෑ. ඕකට පිළිතුරු දෙන්න ගිහින් හැදුනා 'සර්ව සුභවාදය'. සර්ව සුභවාදය මොඩ් වෙලා හැදුනා ධනාත්මක චින්තනේ (සිංහලෙන් කිව්වොත් 'පොසිටිව් තින්කින්').
ධනාත්මක චින්තනේ හඳුන්වා දීමෙදි නොයෙක් කල්ට් වලින් ලොකු සේවයක් වුනා මතකයි. කොහොම හරි, පාසැලේ අපේ කොලු කාණ්ඩෙ එකෙකුත් ඔය මොකක් හරි කල්ට් එකකින් තෙලක් වැදිච්ච එකෙක් වතුර බීපු වීදුරුවකින්ම බීලා, මූටත් හැදුනා පොසිට්ව් තින්කින් උණක්.
දැන් මූ ෆුල් ධනාත්මක පොරක් වෙලා. ලෝකෙ තියෙන තරමක් දෙවල් මූට හොඳයි. කාක්කෙක් ඇඟට වර්චස් පිඬක් දැම්මත් ඒකත් මූට පේන්නෙ හොඳ දෙයක් විදිහට. මුලින් මුලින් මේක අපේ කොලු රෑනට විනෝදයට හේතු උනත්, ටික කලක් යනකොට මේ පොසිටිව් උණ අපිට පොසිටිව් ඇණයක් වෙන්න ගත්තා.
ටික කළකින්ම මේ පොසිටිව් උණ කාරයා තැනක් නොතැනක් නැතුව හැම දේටම 'ඉතින් හොඳයි නෙ' කියලා පටන් අරන් මොනව හරි කෙස් පැලෙන තර්කයක් ගේනවා වෙච්ච දේ හොඳයි කියන්න. තැනක් නොතැනක් නැතුව කරන මේ වැඩේ නිසා අපේ කතානයක 'පොසිටිව් බුවා', කීප සැරයක් කොල්ලන්ගෙන්ම ගුටි කන්නත් ගියා, හොඳට බැනුම් ඇහුවා. ඒත් මේකාගෙ මේ 'පොසිටිව් උණ' එන්න එන්නම වැඩි වුනා මිසක් අඩුවක් වුනේ නැහැ. කොල්ලෙක්ට කෙල්ලෙක් බූට් එක තිබ්බත් මූට ඒකත් පොසිටිව්. ඉස්කෝලෙ ඇරෙන වෙලාවටම වැහැලා හොඳටම තෙමිලා අමතර පන්තිවලට යන්න වුනත් ඒකත් පොසිට්ව්. හැම වෙඩින් එකම මූට පොසිටිව්. කිසිම අසුභ, නරක, පාඩුවක් වුනු කතාවක් මූ ඉන්න තැනක කියන්න බැහැ.
කාලයක් ගියත් පොසිටිව් බුවාගේ මේ පොසිටිව් උණ නම් බැස්සෙම නෑ, වැඩි උනා මිසක්. කට්ටිය පාසල් නිවාඩු කාලෙදි යාලුවන්ගෙ ගෙවල් වලට යනව එනවා. (කාලෙ කනව ඇරෙන්න කරන්න වෙන වැඩකුත් නැහැනෙ.) කොලු රෑනෙන් කීප දෙනෙක් පොසිට්ව් බුවාගෙ ගෙදර ගිහින් තෙයෙනවා ඔහොම දවසක. ගිහින් ටික වෙලාවකින් පොසිට්ව් බුවාගෙ නෑදෑ පිරිසක් ඇවිත් තියෙනවා ගෙදර. පොසිටිව් බුවාගෙ කාමරේට ඇහෙනවා දැන් ආපු නෑදෑයින් අමුත්තන්ගෙ කාමරයෙ කතා කරන කතාබහ. ආපු නෑදෑයින්ගෙ කතාබහෙන් මේ පිරිස ගොවිතැන් කරන උදවිය බවයි තේරිලා තියෙන්නෙ. නෑදෑයින් ආගිය තොරතුරු කතාබහ කරන අතරෙ කෙනෙක් කියල තෙයෙනවා,
"බලන්නකො අයියෙ මෙදාපාර නියඟෙ නිසා කුඹුරු ඔක්කොම වගේ පාලු උනා නෙ" කියල.
ඊලඟට පොසිටිව් බුවාගෙ කාමරේ හිටි කොල්ලන්ට සුපුරුදු පරිදි පොසිටිව් බුවාගෙ "ඉතින් ඒක හොඳයි නෙ,..." කියල පටන්ගන්න පොසිටිව් තින්කින් ලයින් එක ඇහිල තෙයෙනව. හැබයි කියන්න පටන්ගත්තු දේ ඉවර වෙලා තෙයෙන්නෙ "චටාස්..." කියන සද්දෙන් පස්සෙ මොකක් හරි "දඩබඩාස්" ගාල පෙරළගෙන වැටෙන සද්දෙකින්.
මොහොතක් නිහඬ වුනු අමුත්තන්ගෙ කාමරෙන් ඊට පස්සෙ ඇහිල තියෙන්නෙ පොසිටිව් බුවාගෙ තාත්තා මූට බනින සද්දෙයි; "ඈ බොල බූරු තඩියො කොහොමද නියඟෙ හොඳ වෙන්නෙ..." කියල පටන් ගත්තු සද්ද පූජාව මිනිත්තු කීපයක්ම ඇහිල තෙයෙනව. පොසිටිව් බුවා කාමරේට එනකොට බුවාගෙ මූනෙ පැත්තක් දම්පාට වෙලා, ඉදිමිලා. ගියපු කොල්ලො කීපදෙනා අමාරුවෙන් හිනාව නවත්තගෙන මාරුවෙලා ඇවිත් තියෙනවා.
සිද්ධිය අනිත් කොලු රෑනට කියද්දි හොඳට ලුණු ඇඹුල් එහෙමත් එකතු වෙනවනෙ. ඉතින් කතාව ගියෙ අර කොලු කාන්ඩෙට අමුත්තන්ගෙ කාමරෙන් ඇහුනු සද්දෙ 'චටාස්...', සද්දයකට වඩා "ඩිශුම්" (අර පරන සිංහල චිත්‍රපටිවල තියෙන වෙඩි සද්දෙ වගේ) සද්දයක් කියලයි. සද්දෙ 'චටාස්' වුනත් 'ඩිශුම්' වුනත් පොසිටිව් බුවා ඊට පස්සෙ පොස්ටිව් ටෝක් නෙවේ, කණට ඇහෙන්න කතා කලේ නැහැ.
මොන චින්තනේ වුනත්, කොච්චර පොසිට්ව් වුනත් හැම තැනටම එකවගේ හොඳ නෑ.

sampurna eththa
ReplyDeleteකමෙන්ටුවට ස්තුතියි.
ReplyDelete