කලිනුත් කියෙව්වනෙ 'පුලි' ගැන කතාවක්. මූ රට ගිය අලුත නම් අපිට ඊ-මේල් එහෙම එව්වා. ඒවා වල අන්තිමට ලියලා තිබ්බෙ මුගෙ නම 'පුට්ලර්' එහෙමත් නැත්නම් 'පුලිටෝ මුසලිනි' විදිහටයි. හැම මගුලකම ඉස්සරහට මුගේ නමේ මුල් අකුර 'පු' යන්න දාන්න මූ පුරුදු වෙලා හිටියා.කවුරුත් නිතරම පුලියට කියපු දෙයක් තමා ඔය 'පු' යන්න හැම තැනකටම දාන පුරුද්ද නම් හොඳ නෑ කියන එක; ඇයි වැරදිලා වත් නරක තැනකට 'ක'යන්නක් වැටුනොත්. ;) පුලී ගැන හැඳින්වීම නම් ඇති මගෙ හිතේ, කතාව පටන්ගමු;
මේ සිද්ධිය වෙනකොට උතුරෙ යුද්ධෙ ටිකක් සැරට ඇවිලිළා යනව. ප්‍රවෘත්ති වලටත් නිතරම උතුරෙ එක එක තැන්වල නම් කිය කිය, එතනදි, මෙතනදි සටන් ඇතිවුනා කියල කියනව. ඔය අතරෙ එක දවසක් ලෙක්චර් ඉවර වෙලා පුලියා දවල් කෑමට කැන්ටිමට යනකොට කියපි උගේ නම තිබ්බයි කියල ලංකාවෙ ගමකට. බඩගින්නෙ එතන හිටපු එවුන් ඔක්කොම නිකන් තෝන්තුවෙලා ගියාවගෙ වුනා.
'අනේ පලයන් බං උඹේ නම ලංකාවෙ ගමකට දාන්න ඒ ගමේ ඉන්න මිනිස්සුන්ට පිස්සුද?'
ඔන්න ඉතින් පුලියා අන්දකයිප්පු කාලා වගේ කියවන්න ගත්ත.
'නෑ නෑ, මේ නම දැම්මෙ දැන් නෙවේ. හුඟ කාලෙකට ඉස්සර. මං හිතන්නෙ මම මීට කලින් ඉපදිලා ඉන්න ඇත්තෙ එහෙ. මම කවදත් මිනිස්සුන්ට පිහිටවෙන නිසා මගෙ නම තියලා තියෙනව ගමට'.
'ඉතින් උඹ කොහොමද ගිය ආත්මෙ නම දන්නෙ?'
'හා... මගෙ නම හරි ශ්‍රේෂ්ඨ නමක්නෙ. ඉතින් මම දිගටම මේ නම තමා දාගෙන ආවෙ'. මූ හරියට කියන්නෙ උපන් ගමන් අම්මට කතා කරලා 'අම්මෙ මට පුලි... කියලා නම තියන්න' කිව්ව වගේනෙ. හැබයි ගොයියගෙ හැටි දන්න නිසා කවුරුවත් වාද කරන්න ගියෙ නෑ.
'ඒ කියන්නෙ උඹ ගිය ආත්මෙත් පුලි...'
'ඔව්, ගිය ආත්මෙ විතරක් නෙවෙයි, කලින් ආත්ම ඔක්කොගෙම මම පුලි... තමා'.
'හරි දැන් ඔය අවාසනාවන්ත නම තියෙන ගම තියෙන්නෙ කොහෙද?'
පුලියට කෙන්තියි. ඔරවලා බලනව. 'ඕනෙ නෑ, උඹලට වටිනකමක් නෑ ඒ ගමේ මිනිස්සුන්ට වගෙ.' ඔන්න පුලියා අගේ කරන්න පටන්ගත්ත. මූ දැන් දිගට හරහට ගමේ මිනිස්සුන්ගෙ ගුණ වර්ණනා කරනව. තමන්ගෙ හොරනෑව තමන්ම ගහගන්නව වගේ, ඒ අස්සෙ 'පුලි'ගෙ ගුණ වර්ණනාවත් යනව. කොහොමෙන් කොහොමෙන් හරි කෑම කාල ඉවරවෙනකන්ම මූ ඔය කතාවම තමයි. හැබයි කිව්වෙ නෑ මොකද්ද මේ අරුම පුදුම ගම කියල අපි අහල නැති.
අන්තිමේදි කාල ඉවර වෙලා ඊලඟ ලෙක්චර් එකට යනගමන් කට්ටියම පින්සෙන්ඩු වෙලා මුගෙන් ගමේ නම ඇහුව.
පුලිය කියනව, 'මමත් මේක දැනගෙන හිටියෙ නෑ. ඊයෙ හමුදාවෙන් තමයි මටත් කිව්වෙ'.
වැඩේ අපි හිතුවට වඩා සීරියස් වගේ. කවුරු හරි පිස්සෙක් 'පුලිගම' වගෙ නමක් දාලද කියල ෂුවර් නැති තත්ත්වයක් තමා උදාවේගෙන එන්නෙ. 'උඹට ආමි එකෙන් කෝල් කරලද කිව්වෙ?'
'නෑ නෑ. මේක කිව්වෙ ඊයෙ රෑ TV එකේ ප්‍රවෘත්ති වලට. එතකොට තමා මාත් දන්නෙ'.
'ඉතින් අපිත් ප්‍රවෘත්ති බැලුවනෙ. ඔහොම එකක් නම් කිව්වෙ නෑ'.
'අන්න ඒක තමා කියන්නෙ, උඹලගෙ අවධානය බිංදුවයි. කොහොමද ඔහොම ඉගෙනගන්නෙ?'
'හරි හරි, අවධානය තියෙන එකා කියපන්කො'.
'උඹල දන්නවද ඊයෙ දරුණුවට සටන් තිබ්බෙ කොහෙද කියල?'
'මතක නෑ බන්. අපේ අවධානය බිංදුවයිනෙ.'
'ඊයෙ දරුණුවට සටන් තිබ්බෙ මගෙ නම තියෙන ගමේ, පුලියන්කුලමෙ'.

No comments:
Post a Comment
බ්ලොග් එකක් සිංහලෙන් ලියන එකේ අමාරුව දන්නේ සිංහලෙන් බ්ලොග් ලියපු එකෙක්ම තමා. එහෙව් අමාරුවෙන් ලියන බ්ලොග් එක කියවල ඒකට කමෙන්ටුවක් දාන්නෙ එහෙමත් කරුණාවන්ත ඇත්තෙක් තමා. මට ඒ හැම කමෙන්ටුවක්ම රටක් වටිනව...