Friday, May 25, 2012

මතකයාට සතුටු දවසක්

හප්පේ... මතකයාට සතුට වැඩිකමට කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැරුව පැය ගානක් තිස්සේ බයිලා ලියලා, මකලා අන්තිමේ හිතට දැනිච්ච දේ ඒ විදිහටම ලියනවා කියලා හිත හදාගත්තා...

මතකයා ඔෆිස් එකේ නාගෙන වැඩකරන අතරේ ලොක්ක එහෙ මෙහෙ වුනු වෙලාවක හොරෙන්ම ඊලඟ පෝස්ටුව කොටන්න හිතාගෙන මතක පොත පැත්තට ඇවිත් බැලුවා. මතක පොත වෙනදාට වඩා ලස්සන වෙලා වගේ කියලා හිතිච්ච නිසා පොඩ්ඩක් එහෙට මෙහෙට ස්ක්‍රෝල් කරලා බැලුව. කිරි අප්පට බල්ලො පැනපි... අපේ දුමී අයියා නේද මේ කමෙන්ටුවක් දාල තියෙන්නේ, ඒ මදිවට මාරයා අයියත්..., තව සහෝදර සහෝදරියො සෙට් එකක්ම... හම්මේ... මෙහෙම සන්තෝස දවසක්...

මතකයාට සතුට වැඩිකමටම එකපාරටම පුටුවෙනුත් නැඟිටුනා. කොච්චර වේගෙන් නැඟිට්ටද කියනවා නම් පුටුව පෙරළුනා. දඩබඩාස්... ඔෆිස් එකේ කට්ටිය එහෙන් මෙහෙන් එබිලා බලනවා. මතකයා පුටුව කෙලින් කරලා තියලා ඊට පස්සේ කියුබිකල් අතරෙ තියෙන ඉඩේ එහෙට මෙහෙට ඇවිදිනව. (පස්සේ යාලුවෙක් කිව්ව, ඒ වෙලාවෙ මතකයාගෙ කට කනේලු තිබුනෙ). මතකයා සතුටටත් එක්ක ප්ලේන්ටියක් බොන්න හිතුවා. කලබලේට යාලුවන්ට අඬගහන්නත් අමතක වෙලා, තනියෙන්ම ගිහින් ඔෆිස් එකට ඇතුළු වෙන්න තියෙන තඩි වීදුරු දොරේ දඩාස් ගාල හැපුන... මූන රොටිය වගේ වෙන්න හැප්පුනත්, මතකයාට නම් ගානක්වත් නෑ. ඉහේ මලක් පිපුන වගේ සන්තෝස දවසක් මේක.

මතකයා අමාරුවෙන්,
අමාරුවෙන් ලියාගෙන ගිය බ්ලොග් එකට එකතුවෙලා, කමෙන්ටු දාලා මතකයාව දිරිගන්වපු ඔයාල හැමෝටම මතකයා නිහතමානීව හිස නවලා ආචාර කරනවා. ඔයාල ලියන හැම කමෙන්ටුවක්ම මතකයාට රටක් වටිනව. ඒ හැම කමෙන්ටුවකටම මතකයාගෙන් හද පිරි තුති.

දිගටම මතක පොත එක්ක ඉන්න කියලා ආරාධනා කරන ගමන්, මතකයාගේ අඩුපාඩු එහෙමත් පෙන්නලා දෙන්න කියලා නිහතමානීව ඉල්ලනවා. මතකයා සිංහල බ්ලොග්කරනයට තාම කිරි කෝඩු...

8 comments:

  1. අපිටත් සතුටුයි....... අර මූණ රොටිය වෙච්චි පිංතූරයක් දැම්මා නං තවත් සතුටුයි......... :D

    ReplyDelete
    Replies
    1. පොටෝ ගන්න තියා උදේ හවස යන එන අච්චර තඩි දොර තඩිය අරින්න සිහියක් තිබ්බේ නෑ නොවැ.

      දැන් නම් මතකයගේ නහය තක්කාලි ගෙඩිය වගේ රතු වෙලා, තව පොඩ්ඩෙන් තක්කලි සම්බෝලයක් එක්ක රොටි කන්න තිබ්බ...

      Delete
  2. රොටි වෙන්න හැපුනම කොහොමත් ගානක් නෑ තමා... :)

    ReplyDelete
    Replies
    1. දැන් තමා හැපිච්ච එකේ සනීපෙ තේරෙන්න. දතකුත් හෙලවෙනවද මංද...

      Delete
  3. ගොඩක් වෙලාවට මහන්සිවෙලා, සමහර වැඩ අතපසු කරගෙන ලියන පෝස්ට් එකකට කියවන කාගෙන් හරි කමෙන්ටුවක් වැටෙන එක කොච්චර සතුටු දෙයක්ද ? ඒක හැම බ්ලොගර් කෙනෙක්ම අත් දකින අහිංසක සතුටක්.

    මටත් බ්ලොග් ලියන්න පාර කියුවේ දුකා, මාරයා, කසූ, දිල්, වත් වගේ දැවැන්තයෝ. ඒ අයගෙන් කමෙන්ට් වැටෙනකොට මට අදත් ගොඩක් සතුටුයි.

    මම ලියනකොට මම අනුගමනය කරන ක්‍රමය තමයි වැඩි පෝස්ට් ගණනක් ලියනවට වඩා වැඩියෙන් පෝස්ට් එකේ කොලිටි එක මේන්ටේන් කරන එක. (පහුගිය දොහේ නම් ඇත්තටම මම ලිව්වා පරක්කු වැඩියි, අධික වැඩ රාජකාරි නිසා, ඊයේ දවසෙ මගේ බ්ලොග් එකට අවුරුදු දෙකයි. මම මේ අවුරුදු දෙකටම ලියලා තියෙන්නෙ පෝස්ට් 65 යි. :) )

    ReplyDelete
    Replies
    1. දුමී අයියේ ඔයාගේ මඟ පෙන්වීමට ගොඩක් ස්තුතියි. ඔයාගෙ බ්ලොග් එක මම එක හුස්මට කියවලා ඉවර කලා. එක දවසකදි කවදාවත් එච්චර හිනාවුනේ නෑ. බෝඩිමේ ඇන්ටි හිතන්න ඇති මට පිස්සු කියලා, උදේ ඉඳන් රෑ එළි වෙනකන් තනියම හිනාවෙන්නේ. සතියකට විතර පස්සේ ඇන්ටිගේ හස්බන්ඩ් මට ධර්ම දේශනාවක් දැම්මා 'මල්' පාවිච්චියේ ආදීනවත් කියල. ශුවර් එකට එයා හිතන්න ඇති මම මල් වියනේ සිනහ බැද්දට ගියා කියල. පව් එයා දන්නේ නෑනේ බ්ලොග් එකක් කියවන විනෝදේ.

      නමුත් ඔයා බ්ලොග් එක ලියන්න දරන මහන්සිය මට හොඳටම වැටහුනේ මතක පොත ලියන්න ගත්තම. දුමී අයියා වගේ සිංහල බ්ලොග්කරනයේ ජ්‍යේශ්ඨයෙක්, මතක පොත කියවලා මේ වගේ කමෙන්ටුවක් දාලා අඩුපාඩු පෙන්නලා මාව දිරිගන්වන එක ආධුනික මට රටක් වටිනව. බ්ලොග්කරනය ගැන මට තව ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනව, ඒ දේවල් ඉගෙන ගන්න මට උදව් කරාවි කියලා මම බලාපොරොත්තු වෙනව.

      Delete
  4. ඔන්න ලඟදි ආපු අච්චේග්ගෙනුත් උණුසුම් සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. දිගටම මතක පොත එක්ක රැඳී ඉන්න ආරාධනා.

      Delete

බ්ලොග් එකක් සිංහලෙන් ලියන එකේ අමාරුව දන්නේ සිංහලෙන් බ්ලොග් ලියපු එකෙක්ම තමා. එහෙව් අමාරුවෙන් ලියන බ්ලොග් එක කියවල ඒකට කමෙන්ටුවක් දාන්නෙ එහෙමත් කරුණාවන්ත ඇත්තෙක් තමා. මට ඒ හැම කමෙන්ටුවක්ම රටක් වටිනව...