අද ලෝක මව්වරුන්ගේ දිනය. ලෝකෙ තැන් තැන්වල නොයෙක් දින මේ සඳහා සම්මත කරගෙන තිබුනත්, සාමාන්‍ය ලෝක සම්මතයක් විදිහට මැයි මාසෙ දෙවෙනි ඉරිදා 'ලෝක මව්වරුන්ගේ දිනය' කියල පිළිගන්නව.
මේ බව මූනු පොතේ මගෙ මිතුරෙක් මතක් කරල තිබුන. අවුරුද්දේ 365 දවසෙන් එක දවසක්... එකම එක දවසක් අපි අම්මාවරුන්ගේ දිනය කරගෙන. අවුරුද්දේ 365 දවසම, අවුරුදු ගනණාවක් තිස්සෙ තමන්ගෙ දාඩිය, මහන්සිය, කඳුලු මතින් අපි කාගෙත් ජීවිත් ගොඩනඟපු අපේ රත්තරං අම්මල වෙනුවෙන් එක දවසක් විතරක් වෙන් නොකර, අපේ ජීවිතේ හැම දවසකම ටික වෙලාවක් හරි වෙන් කරන එක හොඳයි කියලා තමයි මතකයාට හිතෙන්නේ. බටහිර බහුතරයක් මව් වරුන්ට වඩා මේ ලංකාවෙ අපේ අම්මලා තමන්ගෙ සැමියා, දරුවන් විතරක් නෙවෙයි රට වෙනුවෙන් කරන සේවය ඉතා විශාලයි. ඉතින් එහෙව් අපේ මව් වරුන් වෙනුවෙන් එක දවසක් මදි නේද?
ගතානුගතිකව අපේ සමාජය රඳාපවතින්නෙ අපේ මව් වරුන් විසින් ඉටු කරන අනන්ත වූ සේවය මත. අපේ ජාතියේත්, සංස්කෘතියේත්, පවුල් සංස්ථාවේත් මුර දේවතාවිය තමයි අම්මා. පිරිමි පිළිගත්තත්ත් නැතත්, අපේ හෙළ සමාජය මාතෘමූලික සමාජයක්. (මේ ගැන මීට කලිනුත් මතක පොතේ ලියවුනු බව මතකයාට මතකයක් ඇත.)
හෙළ මව් වරුන් විසින් ඉටුකරන්නා වූ නිහඬ සේවය, ඒ නිහඬ බව නිසාම අපට අමතක වේගෙන ගිහින්. ඒ ගැන කෙනෙකුට දැනෙන්නේ තමන්ගෙ රත්තරං අම්ම තවදුරටත් ඒ සේවය කරගන්න බැරි තරමටම දුර්වල වුනාම, එහෙමත් නැත්තම් සදහටම වෙන්වෙලා ගිය දවසට. අපි මොහොතකට හිතල බැලුවොත්, අපේ මව් වරුන් අතින් දෛනිකව ඉටුවන සේවය කොතරම්ද? ඇය රැකියාවක් කළද, නොකළද, ඇය අතින් රටට ඉටුවන සේවය අති මහත්. භාර්යාවක්, මවක් වශයෙන් ඇය ගෘහය පිළිබඳ සියලු කටයුතු සොයාබලන්නීය. ගෙදරදොර අස්පස් කිරීමේ, පිරිසිඳු කිරීමේ සිට, ආහාර පිලියෙළ කිරීම දක්වාත්, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයාබැලීමේ සිට, ගේදොර වියහියදම් පාලනය දක්වාත් සියලු කටයුතු ඇය අතින් සිදුවේ. අද මේ කටයුතු ආයම්මා අතට පත්වන්නේ මව්වරුන්ටද මුදල් හම්බකිරීමේ ආර්ථික සටනට උරදෙන්නට සිදුවන බැවිනි. නමුත් වැඩිපුර සොච්චමක් හම්බ කරගන්නට අප බිල්ලට දී ඇත්තේ පව්ලේ අනාගතයයි. කිසිදු ආයම්මා කෙනෙකුට අම්මාගේ අඩුව පිරිමහන්නට බැරිය. අම්මා තරම් ආදරයෙන් පරෙස්සමෙන් ආයම්මලාට කටයුතු කරන්නට බැරිය. එනිසා ඒ අඩුව සදහටම රස්සාවල් කරන අම්මලා ඉන්නා පවුල් වලට දැනෙනු ඇත. අනෙක් අතට මව්වරුනට ආර්ථික සටනට උරදෙන්නට සිදුව ඇත්තේ පවත්නා වූ තරඟකාරී ආර්ථික රටාවට පින්සිදුවන්නටය. තරඟකාරී ආර්ථික, සාමාජික තත්ත්වය නිසා සංකීර්ණ වන්නා වූ පවුලේ අවශ්‍යතා සපුරාලන්නට තාත්තාගේ ලේ කඳුලු තවදුරටත් ප්‍රමානවත් වන්නේ නැත.
අදටත් ගෘහණියක්/මවක් පමණක් වී තම වගකීම් සම්භාරය ඉටුකරන හෙළ කුළ කාන්තාවන් දක්නට ලැබීම වාසනාවකි. ඇය රටට කරන්නාවූ අතිමහත් සේවය මෙබඳු ලියන් නොමැති කලක රටට හොඳින්ම දැනෙනු ඇත. ඇය රැකියාවක් කර මුදල් උපයන්නේ නැතත්, ඇය තම සැමියා රැකියාවෙන් උපයන මුදල් අරපිරිමැස්මෙන් යුතුව වියහියදම්කිරීමම විශාල සෙවයක් නොවන්නේද? අනෙක් අතට බලන කල ඇය රැකියාවක් නොකලත්, අපේ රටේ ශ්‍රම හමුදාවම පෝශණය කරන්නී, ලකලැහැස්ති කොට සේවයට යවන්නි ඇයම නොවේද? ඉතින් එහෙව් අපේ මව් වරුන් වෙනුවෙන් එක දවසක් වෙන් කිරීම ඇද්ද?
සිව් හෙළයටම හෙළ මව් වරුන්ගේ පිහිටයි!

No comments:
Post a Comment
බ්ලොග් එකක් සිංහලෙන් ලියන එකේ අමාරුව දන්නේ සිංහලෙන් බ්ලොග් ලියපු එකෙක්ම තමා. එහෙව් අමාරුවෙන් ලියන බ්ලොග් එක කියවල ඒකට කමෙන්ටුවක් දාන්නෙ එහෙමත් කරුණාවන්ත ඇත්තෙක් තමා. මට ඒ හැම කමෙන්ටුවක්ම රටක් වටිනව...