Saturday, May 19, 2012

බිල් ගේට්ස්ට වෙන්නට ගිය වින්නැහිය

මේ කියල කාලෙ වින්ඩෝස් ඔපෙරේටින් සිස්ටම් එක සීග්‍රයෙන් ජනප්‍රිය වෙන්න පටන්ගෙන තිබුනා. මයික්‍රොසොෆ්ට් කියන වින්ඩෝස් නිශ්පාදනය කරන ආයතනය ගැනත් නොයෙක් විස්තර පැතිරෙන්න ගත්තා. ඉන් එකක් තමා මයික්‍රොසොෆ්ට් ආයතනයේ අධිපති 'බිල් ගේට්ස්' ඒ ආයතනයට හොඳ මොලකාරයන් සොයන ආරංචිය. කතාව පැතිරුනු හැටියට ඉංදියාවෙ විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න කොල්ලො කෙල්ලන්ව ඉන්ටවිව් කරලා, ලොකු පඩි එක්ක රස්සාවට ගන්නවා. ඉතින් පරිඝණක තොරතුරු තාක්ශණ උපාධිය හදාරමින් හිටපු අපේ කොල්ලො කෙල්ලන්ගෙත් එකම සිහිනය වුනේ මයික්‍රොසොෆ්ට් එකේ ජොබ් එකක් අරගන්න. ඉතින් කොහොමද මේක කරන්නෙ? මොකෝ මයික්‍රොසොෆ්ට් එක දන්නවයැ අපේ කට්ටිය ගැන. පස්සෙ තමයි දැනගන්න ලැබුනෙ කට්ටිය හොරෙන් හොරෙන් 'බිල් ගේට්ස්' ට ඊ-මේල් යවනව කියලා. මම හිතන්නෙ නෑ මුන් එකෙක්ට වත් ඇත්ත 'බිල් ගේට්ස්'ට හම්බෙන්න එක ඊ-මේල් එකක් වත් යවන්න පුලුවන් වෙන්න ඇති කියලා. කවුරු හරි පිස්සෙක් 'බිල් ගේට්ස්' කියලා හදපු ඊ-මේල් එක්කකට ඔක්කොම යන්න ඇති.


කොහොම හරි මගේ හිතවත්ම බැචෙකුත් හොරෙන්ම 'බිල් ගේට්ස්' ට ඊ-මේල් යවලා. කාලයක් තිස්සෙ ඊ-මේල් යැව්වත් එක උත්තරයක් වත් නෑ. දවසක් මූ ඉන්නවා කැන්ටිමේ පුටුවක් උඩට වෙලා කළකිරිලා;
"මොකෝ මචං, සෑඩ් මූඩ් එකේ?"

"බලපන් බං මම 'බිල් ගේට්ස්' ට ඊ-මේල් කීයක් යැව්වද? අඩු ගානෙ  ඊ-මේල් එක හම්බ වුනා කියලා වත් රිප්ලයි එකක් එවන්න තිබ්බනෙ."

"අල්ලලා දාපන් බං, ඔය ඊ-මේල් ඇඩ්‍රස් එක ෂුවර් එකටම වැරදි ඇති."

"මම මේ කල්පනා කලේ ඔය 'බිල් ගේට්ස්' කාරයා කරන දේම මමත් දවසක ඕකට කරනවා."

"ඒ කියන්නෙ බිල් ගේට්ස් උඹට රිප්ලයි කලහම උඹ ගණන් ගන්නෙ නැතුව ඉන්නව?"

"නෑ නෑ, එහෙම කරන්නේ නෑ. ඕකා කරන්නෙ තමන්ගෙ කොම්පැනියට තරඟයක් දෙන කොම්පැනි ඔක්කොම සල්ලි වලට අරන් වහලා දාන එක නේ. මමත් දවසක ඔය මයික්‍රොසොෆ්ට් එක සල්ලි වලට අරන් වහල දානව".

"එතකොට ඔක්කොම හරිද?"

"ඊට පස්සෙ බිල් ගෙට්ස් ව, ගෙදර යවනවා, ගෙදර තියෙන වැඩක් බලාගෙන ඉන්න කියල. ඌ ගෙදර ඉන්නකොට ඌට තේරෙයි, වයිෆ් උදේ හවස බනිනකොට."

"ඉතින් බං උඹට බනින්න වයිෆ් කෙනෙක් නෑ නෙ. උඹ තාම බැඳල නෑ නෙ."

"මම බැඳල නැති වුනාට අපේ තාත්තා බැඳලනෙ බං. තාත්තාට කණක් ඇහිලා ඉන්නත් නෑ, මට කණක් ඇහිල ඉන්නත් නෑ." 

ඕං ඔහොමයි ලංකාවෙ ගෑණියෙකුගෙ කට නිසා බිල් ගේට්ස් රස්සාවත් නැති කරගෙන, කොම්පැනියත් වහගෙන, වයිෆ්ගෙනුත් පරිප්පු කන්න ගිහින් අනූ නවයෙන් බේරුනේ

8 comments:

  1. අනේද කියන්නේ. මාර වැඩේ බිල්ගෙ පරන පිනක් තිබිලා තියනවා. ඇයි අර තව පොරක් ගූගල් තහනම් කරන්න ගිහින් යන්තම් නිකා හිටියා. නැත්නම් අපරාධේ මෙලහට වෙන විනම්බෑසිය හිතා ගන්නවත් අමාරුයිනෙ. ඔන්න අපේ පොරවල්. හෙක්ක් හ්ම්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ආයිබෝවං, අපේ එකාලට තාම තේරෙන්නේ නැති හැටි මේ වගේ උන් එක්ක රටක් ගොඩගන්න බෑ කියන එක...

      'දෙයියෝ නොවඩින තැන පෙරේතයෝ පිනුං ගහනවා' කියන්න උපහැරනෙ මේ සිරිලංකාවෙ පාර්ලිමේන්තුවටම කියපු කතාවක්ද කොහෙද ආයිබෝවං... හපොයි රටකට ගිය කල...

      Delete
  2. අපිටත් ඉන්නෙ මාර පොරවල් තමයි නේද. වැඩේ මේකයි. කොල්ලො දස්සයො. අත දෙන්න කෙනෙක් නෑ...

    ප.ලි. - වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් හොදයි..

    ReplyDelete
    Replies
    1. ඇයි බං උගේ අතට මක් වෙලාද? O.o

      Delete
    2. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා. මතකයා එහෙම එකක් තියෙනවා කියලා දන්නේ දැන්. බ්ලොග් සෙටින් අස්සේ කරක්ගහලා හොයාගත්තා.

      Delete
  3. ආතල්.

    අනේ මේ word verification එක අයින් කරපංකෝ නිදහසේ මොනව හරි කොටලා යන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඔන්න word verification අයින් කලා.

      Delete

බ්ලොග් එකක් සිංහලෙන් ලියන එකේ අමාරුව දන්නේ සිංහලෙන් බ්ලොග් ලියපු එකෙක්ම තමා. එහෙව් අමාරුවෙන් ලියන බ්ලොග් එක කියවල ඒකට කමෙන්ටුවක් දාන්නෙ එහෙමත් කරුණාවන්ත ඇත්තෙක් තමා. මට ඒ හැම කමෙන්ටුවක්ම රටක් වටිනව...