මේ කතා සෙට් එක මගේ විශ්වවිද්‍යාල මිත්‍රයෙක් වටා ගෙතුනු ඒවා. ( මෙතන තියෙන්නෙ කතා සෙට් එකෙන් පළවෙනි එක විතරයි, අනිත් ඒවා මඟ එනවා ). මේ බුවාට අපි කිව්වෙ 'පුලි', කියල. ඇත්ත නමෙන් 2/3ක්ම ඔතන තියෙනව. හැම මගුලකම ඉස්සරහට මුගේ නමේ මුල් අකුර 'පු' යන්න දාන්න මූ පුරුදු වෙලා හිටියා. සාමන්‍යයෙන් මම ඇත්ත නම බ්ලොග් එකේ ලියන්නෙ නැති වුනත්, පුලියගෙ කථා වලට ඉතා වැදගත් නිසා නම ලියන්නම වෙනවා.
පුලියා මට මුනගැහිච්ච නොම්මර එකේ මීටරයක්. අපේ රස්සාවෙ මීටර් ඕනතරම් මුනගැහෙනවා. ඒත් පුලියා වගේ වැරදි පැත්තට කැරකිලා හරි උත්තර දෙන මීටර් කීපයයි මට මුනගැහිලා තියෙන්නෙ මගෙ ජීවිතේටම. පුලියා විශේෂ වුනේ තිබිච්ච නිර්මාණශීලීත්වය නිසා වෙන්න ඇති. කල්පනා කර කර ඉඳලා මොකක් කිව්වත් මූ කියපු දෙවල් වල හොඳ තේරුමක් තිබුනා. දැන් අපේ පුලියා එංගලන්තෙ ආචර්ය උපාධියත් පාස් කරලා ඉවරයි. මූ ෂුවර් එකටම සුද්දො කීපදෙනෙකුට වත් පිස්සු වට්ටලා ඇති මේ වෙනකොට මොකක් හරි විකාර තියරියක් දාලා. මූ ඉගෙනගන්න එංහලන්තෙට ගිහින් ටික කාලෙකින් තමා එහෙ හරකුන්ට අර පිස්සු හැදෙන ලෙඩේත් ආවෙ.
පුලියා මම දන්න කාලෙ ඉඳලාම ඔය ලොකු ලොකු ආයතන වලට හරිම කැමතියි. මූ කැමතිම ආයතනයක් තමා ඇමරිකාවෙ 'නාසා' ආයතනෙ. ඔව් ඔව් ඔය රොකට් වල දාල කොල්ලො, කෙල්ලො, බල්ලො අභ්‍යවකාශෙට එහෙම යවන ආයතනෙ තමයි. මූගෙ හිතේ කාලෙක ඉඳල තිබ්බ ඔය ආයතනෙ වැඩකරන්න ආසාවක්. දවසක් මූ ඉඳන් කියනවා;
"මචං නාසා එක සිරා නේද? මම බැලුවෙ පුලුවන් නම් ඕකට සෙට් වෙන්න."
වෙන එකෙක් මෙහෙම කිව්වනම් මම පැයක් හිනාවෙනවා, හැබයි මූව නම් සත පහකට ෂුවර් නෑ. මූට හිතුනොත් කරන්න බැරිත් නෑ. ඒත් මං කිව්වා;
"අපරාදෙ බං උඹට රොකට් සයන්ස් කරන්න තිබ්බෙ".
ඒ පාර මූ ලොකු කල්පනාවකට වැටුන... "උන්ට මාව නාසා එකට ගන්න බෑ කිව්වොත් මම දාගන්නව නාසා එකක්".
මොකක්? මට නිකන් විකාරයි වගේ වුනා. කමක් නෑ මූ මොකක් හරි අටමගලයක් සෙට් කරගත්තොත් අපිට ඔය සුළු සේවක රස්සාවක් වත් දෙන්නෙ නැතෑ.
"හොඳයි, උඹේ ඔය නාසා එකෙන් මොනවද කරන්නෙ?".
"වෙන මොනව කරන්නද බං රොකට් අරිනවා මිසක්, මෝඩ ප්‍රශ්ණ අහන්න එපා"
හප්පේ පුලියට මල පැනගෙනයි එන්නේ.
"හරි හරි... එතකොට උඹේ ඔය නාසා එකට මොකද්ද දාන නම? ආයෙ නාසා කියල දාන්න බෑනෙ කොපි කරලා නෝන්ඩි වෙන්න."
"හ්ම්..." කියල පුලි කල්පනා කරන්න පටන් ගත්ත. බලා ඉන්දැද්දි මුගෙ ඔලුව රතුපාට වුනා. මීටරේ හෝ ගාල වැඩ. නිකන් හීට් සින්ක් එකක් නැති ඒම්ඩී ප්‍රොසෙසරේ වගේ රතු වෙලා ගියා.
කොහොම හරි එදා දවසට ඔය කතාව එතනින් ඉවර වුනා. පුලියව ඊලඟ දවසෙ මුනගැහුනම මූ ඉහේ මලක් පිපුනා වගෙ ඉන්නව.
"මචං මම නමක් හොයාගත්තනෙ",
"කාටද?"
"මගෙ නාසා එකට"
කලින් කතාව මට මතක් උනේ එතකොට, "මොකද්ද නම?".
"දැන් මේකනේ, නමක් දානකොට, ඔය වගේ ආයතනයක් පිහිටවපු කෙනාගෙ නමත් සම්බන්ධ වෙන්න එපැයි".
"ඔව්, උඹේ නම දාන්න ලැජ්ජයි වගෙ නම් මගේ නම දාපන්". කොහොම හරි තමන්ගෙ නම යනවනම් කවුද අකමැති.
පුලියා මා දිහා රවලා බැලුවා, "අපෝ කීයටවත් බෑ, දාන්න ඉස්සර වහන්න වෙයි උඹේ නම දැම්මොත්".
"හරි කියපන් උඹ දාන නම?"
"මෙහෙමනෙ, ආයතනෙන් කෙරෙන වැඩේ නාසා එකේ වැඩේ වගෙ නිසා නම ඒ වගෙ වෙන්නත් ඕනෙ, මගෙ නම යන්නත් ඕනෙ... ඒක නිසා මම දානව, පූසා කියල."

හොලිවුඩ්, බොලිවුඩ් වගේ නාසා, පුසා .. හික් හික් නරකම නෑ.
ReplyDeleteඒක තමයි නියම නම...
ReplyDeleteඔය අපේ ක්‍රියේටිව් කොල්ලන්ග වැඩ...
ReplyDelete