මතක පොතට මේ සටහන එකතු කරන්න හිතුවෙ ළඟදි බලපු දමිළ බයිස්කෝප් එකක තිබුනු දෙබස් ඛන්ඩ කීපයක් නිසයි. බයිස්කෝප් එකේ නම '7 ඖම් අරිවු'.
මේ චිත්‍රපටයෙ කතාව ගෙතෙන්නෙ චීනෙට කුංෆු සටන් කලාවත් වෙදකමත් 6වන සියවසේ ඉන්දියාවෙන් අරගෙන ගිය බෝධි ධර්මන් නමැති දමිළ බෞද්ධයා සතු වූ හැකියාවන් මතයි. ගතානුගතික දමිළ සිනමා රාමුවෙන් මිදුනු චිත්‍රපටයක්. නිර්මාණයක් වශයෙන් සාර්ථක වෙන්න තිබුනා. නමුත් බෝධි ධර්මන් තුළ තිබූ උතුම් ධර්මයන්ට චිත්‍රපටය තුළ ලැබුනු තැන මදි කියන එකයි මගේ හැඟීම. කොහොම වුනත් මේ සටහන ඒ ගුණ අගුණ ගැණ නොවෙයි.
මේ චිත්‍රපටයෙ රූපරාමු පෙළක් දිගහැරෙනවා කථාවෙ වීරයාට දුශ්ඨයා විසින් දිගින් දිගටම පහර දෙනවා. නිකන් නෙවෙයි, වටපිට ඉන්න මිනිස්සුන්වත් මෝහනය කරලා ඔවුන් ලවාත් පහර දෙනවා. කථාවෙ වීරයාට (අරවින්ද්) පෙම්වතියත් එක්ක පසු බැහැලා පැනලා යන්න සිදුවෙනවා. ඊලඟ රූපරාමුවෙ අරවින්ද් කේන්තියෙන් මානසික අසහනයෙන් ඉන්නවා. මෙන්න මෙහෙමයි ඩයලොග් එක යන්නෙ;
"Back then in Tamil Naadu if a male child was born dead, they'd make a mark on his chest before burying him. You are told never to show your back and flee at war. And today was it really brave that we ran to save our lives? They hit us in Malayasia, in Sri Lanka and now, they've come to Tamil Nadu to strike us. we can only run from them."
මේ ඩයලොග් එකේ කියන විදිහට දමිළ මිනිස්සුන්ට ලංකාවෙන් ගහලා මුහුදට දැම්මා කියල හිතේවි විස්තර නොදන්න කෙනෙකුට. මැලේසියාවෙ, තමිල් නාඩුවෙ මොනවා වුනාද කියන්න මම හරියටම දන්නෙ නෑ. නමුත් ලංකාවෙ වෙච්ච දේ නම් මම දන්නව. කිසිම දමිළ සිවිල් වැසියෙකුට ලංකාවෙ ඕනම තැනක යන්න එන්න, ඉන්න කිසිම තහනමක් එදත් තිබුනෙ නෑ, අදත් ඇත්තෙ නෑ, හෙටත් එහෙමම තමයි. කොටි ත්‍රස්තවාදීන් නම් සිංහල, මුස්ලිම් විතරක් නෙවෙයි දමිළ මිනිස්සුන්ටත් ගැහුවා. මේ කතාවෙ තිර රචකයා ඔක්කොම පටලවාගෙන බවයි පේන්නෙ. ලංකාවෙ ඉන්න අපේ දමිළ සහෝදරයින්ට මේවගේ සියුම් විදිහට හීනමානයක් ඇති කරවන්නෙ කාලකන්නි ත්‍රස්තවාදි යුද්ධෙන් ඔවුන් විඳපු දුක් මදි කියලා තිර රචකයා හිතන හින්දද දන්නෙ නෑ. එයා මොනව හිතුවත් මොනවා මේ චිත්‍රපට වලට ඇතුළත් කළත් මම බලාපොරොත්තු වෙනවා ලාංකික දමිළ සහොදරයින් මේවට නොරැවටේවි කියල.
ලංකාවෙ සිදුවෙච්ච යුද්ධෙන් පරාද වුනේ ත්‍රස්තවාදයයි, එයින් ජයගත්තේ සිවිල් ජනතාවයි.
මම දෙමළ භාශාව දන්නෙ නෑ. මේක දෙමළෙන් ලියන්න තිබ්බ නම්...
We are not sure what the screenplay writer of this movie is trying to say, by including such dialogs in a Tamil movie. It seems that the screenplay writer wants to make Sri Lankan Tamils feel lesser in value, and tell everyone that Sri Lanka is at war with its Tamils. Which is a HUGE LIE. Sri Lanka was never at war with its Tamil people (or any civilian for that matter). The screenplay writer, directors and producers of films should get their facts straight. They have to be responsible in what they include in their creations. Such negativity will not help up-bring the morale of Tamils in Sri Lanka. Civilians won the war in Sri Lanka, only the terrorists were lost.
වටිනවා. ජය ඔබට..
ReplyDelete