පහුගිය දොහක ලංකාවෙ මහ බැංකුව කියල තිබුන රුපියල ඇමරිකානු ඩොලරයෙන් 1/125ක තත්ත්වයට ඒවි කියල. නමුත් ලාංකික ව්‍යාපාරික ප්‍රජාව නම් ඒ ගැන වැඩි විශ්වාසයක් පළකලේ නැහැ. ලංකාවෙ විදෙශ සංචිත හැමදාම දියවෙලා යන එක තමයි වුනේ. ඇයි අපට එහෙම වෙන්නෙ? ඇයි අපි හැමදාම අනිත් රටවලින් ණයට ගන්නෙ? ඇයි රුපියල හැමදාම අවප්‍රමාණය වෙන්නෙ?
ඔය ප්‍රශ්ණ වලට මූලික වෙන ආර්ථික කාරණා බොහොමයි. නමුත් ඒ අතරින් වැදගත්ම දෙයක් තමයි, ලංකාවෙ ආනයන, අපනයනයන්ට සාපේක්ශව ඉහළ අගයක් ගැනීම. ඉතින් අපි මොකද කරන්නෙ? පිටරටින් බඩු ගෙන්නන එක තහනම් කරමු! පිටරටින් ගෙනෙන බඩු වලට ඉහළ බදු ගහමු! එහෙමත් නැත්නම් පිටරටින් ගෙන්වන බඩු වර්ජනය කරමු! එහෙම කරලා ගල් යුගයට යමු!
ගෝලීයකරණය විසින් වෙලාගත්, ගෝලීයකරණය විසින්ම සැදූ න්‍යායන් මත පාලනය වන නූතන ලෝක ආර්ථික රටාව තුළ අපට ආනයනයන්ගෙන් තොරව නැගී සිටිය හැකිදැයි කල්පනා කර බැලිය යුතුය.
නීති දමා, බදු වැඩිකර ආනයනයන් පාලනය කිරීම රජයකට කළහැකි වුවත්, ඒ ආනයනයන්ගේ අවශ්‍යතාවය රජයකට පාලනය කල හැකිදැයි සිතා බැලිය යුතුය. කිසිවෙකු පිස්සුවට පිටරටින් භාන්ඩ ආණයනය කරන්නේ නැත. රට තුලින් සපුරාගත නොහැකි අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ආනයනයන් කරනු ලබයි. එහෙනම් නීතිරීති, බදු මඟින් අවශ්‍යතා පාලනය කරන්නට පුළුවන් විය යුතුය. නැත්නම් බඩයන්නට බෙහෙත් බීපු එකාගේ පස්සා පැත්ත මසා දැමුවාක් මෙන් අවශ්‍යතාවයන් ඉටු නොවීම තුලින් අනවශ්‍ය පීඩනයන් රට තුළ ඇති වෙයි. මීට කදිම උදාහරණය වන්නේ, ඉදිකිරීම් සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන වැලි, ගොඩදැමීම හා ප්‍රවාහනය සීමා කරමින් පැනවූ නිතිරීතීන්ය. වැලි නැතුව ගොඩනැඟිලි හදන්නට බැරිය. ගොඩනැඟිලි හදන තැන් වල වැලි නිධි පහල වන්නේද නැත. ගංගා පතුල වැලි ගොඩදැමීමෙන් විනාශවන බව ඇත්තකි. එහෙනම් එයට විකල්පයක් හොයනවා විනා අතීසාරයට අමුඩගසන්නා සේ වැලි ප්‍රවාහනයට, ගොඩදැමීමට අවහිරතා පැනවීම අණුවන කමකි. පමාවී හෝ මේ සත්‍යය වටහාගත් රජය මෑතකදී වැලි ප්‍රවාහනය සඳහා වූ නීති රීති ලිහිල් කලේය. ඒ වැටහීම වූ පාලකයන්ට ජය!
ආනයනයන්ටද කළ යුත්තේ මෙයම නොවේද? රජය හෝ මහ බැංකුව ඉදිරිපත් වී ලංකාවට වැඩිම වියදමක් දරා ගෙන්වන ආනයන භාණ්ඩයන් සොයා බලා, ඒ භාණ්ඩයන්ගෙන් සපුරාගන්නා අවශ්‍යතා සොයාබලා, ඒ සඳහා හැකිනම්, දේශීයව සොයාගතහැකි අමුද්‍රව්‍ය ඇසුරින් දේශීය ආදේශකයන් ලබාදිය යුතුය. දේශීයව මුළු අවශයතාවයම සපුරාගත නොහැක්කේ නම් ඉතිරිය පමණක් ආනයනයට ඉඩ දිය යුතුය. දේශීය නිශ්පාදකයන් ආරක්ශා කොට, ඔවුන්ට දිරි දී, දේශීය නිශ්පාදනය ඉහළ දැමීම තුළින්ම පමණකි අපට මේ සදානනික වූ ණය චක්‍රයෙන් ගැලවිය හැක්කේ.
හැම දෙයක්ම අපට අපේ රට තුළම නිෂ්පාදනය කරගත නොහැකි බව අප තේරුම් ගත යුතුය. එසේනම්, එබඳු දේ අවම මිළකට හා එම මිළට සරිලන තත්ත්වයෙන් (Quality) ලබාගත හැකි වෙළඳපළවල් සොයාගත යුතුය. අපේ ජනපතිතුමා ඉරාණයෙන් සහන මිළ යටතේ ඉන්ධන ලබාගන්නට කටයුතු කළ ආකාරය මෙයට කදිම උදාහරණයකි.
ආණයන භාණ්ඩයන්ගේ තත්ත්වය පරීක්ශා කර බැලිය යුතුය. තත්ත්වයෙන් බාල, ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ සඳහා අපේ රටේ මුදල් නිකරුනේ නාස්ති නොකළ යුතුය.
අපේ නිශ්පාදන සඳහා ඉහළම මිළක් ගෙවන වෙළඳපලවල් සොයාගත යුතුව ඇත. භාණ්ඩ වල වටිනාකම වැඩිකරන, තත්ත්වය ආරක්ෂා කරන ඇසුරුම් ක්‍රමවේදයන් අප පුරුදු පුහුණු කළ යුතුය.
මේ කළහැකි දේ වලින් අල්පයකි. මේ දේවල් රජයට පමණක් කළ නොහැක. මහජනතාව ලෙස අපද අපේ ලක් මව උදෙසා කැපවී කටයුතු කළයුතු වෙමු.
අපනයනයන් වැඩිවන තාක් රුපියල සඳහා වූ ඉල්ලුම වැඩි වන්නේ නැත. එනම්, එය දිගටම අවප්‍රමාණය වීම වැළැක්විය නොහැක. ආනයනයන්ට සාපේක්ශව අපනයනයන් වැඩිකර නොගන්නේ නම්, ලංකාවේ ගෙවුම් ශේෂය සෘණ අගයක් ගැනීම වැලක්විය නොහැක. ගෙවුම් ශේෂය සෘණ අගයක් ගන්නා විට විදේශ සංචිතයන් ගොඩනගන්නේ කෙසේද? ණය වලින්මය. ආණ්ඩුව අද ණය ගන්නේ ආසාවට නොව නොගෙන බැරි නිසාය. ඒකට ආණ්ඩුවට බැනලා වැඩක් නැත. ණය නොගන්නා තත්ත්වයට රට ගෙන ආ හැක්කේ අණ්ඩුවට නොව ඒ රටේ ජනතාවටය.

මතකයො මට නම් ඇත්තටම මේ ගැන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ..
ReplyDeleteඒත් අපි හැමදාම අනුන්ගෙම්ම හැම බම්බුවම ගෙන්නන එක නං අන්තිම නරකයි කියල මගෙ චූටි මොලේටත් අන්ඩඉස්ටෑන්ඩ් වෙලයි තියෙන්නෙ :(
අපෙ රටේ හුඟක් දේවල් හදන්න පුලුවං.අමුද්‍රව්‍ය තියෙනව.ඒත් හැම ඉලව්වම පිටිං ගෙන්නනො.වටේටම මුහුද,මාලදිවයිනෙං උම්බලකඩ කරෝල ගෙන්නනො වකාරෙට.ඇයි ලංකාව වටේ මුහුදෙ මාලු නැතෙයි?අපෙ උන්ට මාලු අල්ලන්න බැරුවෙයි??
නැතුව නෙවි,කිසිම සැලසුම් මෙව්වා එකක් නැති කම.ඉන්න නිලදාරියො ඔක්කොම මෝල්ලු වීම.ඊට පස්සෙ අපි තව දුප්පත් වෙනකොට ගන්නව ණය!
අපිට හරියයිද මතකයො?
චූටි බටපොල, මේ විදිහට නම් අපිට හරියන්නෙ නෑ. ප්‍රශ්ණෙන් ගොඩ එන්න නම් මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්නම ඕනෙ. ඔය මම ලිව්වෙ කරන්න පුලුවන් එක දෙයක්. දවසින් දෙකෙන් බෑ. දීර්ඝකාලීන සැලැස්මක් ඇතුව කරන්න ඕනෙ.
ReplyDeleteමට තෙරෙන්නේ නෑ මොකට මේ දේශපාලකයන්ට බනිනවද කියල. ඇයි මිනිස්සුම නේ මුන්ව පත්කරගත්තෙ. ඉතින් බනින්නෙ ඇයි? බැන බැන ආයෙත් පත්කරගන්නෙ ඇයි? I don't know why...
ඒක හෙන සංකීර්ණයි බන් :(
Deleteඅනේ බටපොල ඒක කියල දෙන්නකො. මම මේ දහ අතේ කල්පනා කරනවා, පත්වෙන උන්ම බැනුම් අහනවා, බැනුම් අහන උන්ම ආයෙත් ඊළඟ පාරත් පත් වෙනවා, පත්වෙලා ආයෙන් මුළ ඉඳන්ම බැනුම් අහනවා... ඕක දිගටම කෙරෙනවා. අන්තිමේ පත්වෙන උන් පත්වෙලා, මිනිස්සු බැන බැන ඉඳලා...
Delete