Saturday, June 9, 2012

දිනිති නඟාගෙ 'පටලැවිල්ල'

මේ පෝස්ටුව දාන්න හිතුනේ මතකයාගෙ හිතවතියකගෙ දස්කමක් ගැන හොරනෑවක් නඟන්න. බොරු සෝබන නැති කලාකාරයන්ට දක්ශකම් තිබුනත් තැනක් ලැබෙන්නේ අඩුවෙන්. ඒ දක්ශකම් වල තියෙන අඩුපාඩුවක් නිසා නොවෙයි, බොරු සෝබන නැතිකම නිසා. කළාකාමී උසස් රසවින්දනයක් ඇති ජාතියක් වුනු අපේ හෙළ කළාකෙත් පුරන් වෙන්න මේ හේතුවත් බලපාන්න ඇති. කිසිම තෙරුමක් නැති, අඩුම ගනනේ ශබ්ද රසයක් වත් නැති, ඇඟ හොල්ලන්න විතරක් නිර්මාණය වන සිංදු අතරෙ, අමාරුවෙන් හරි උඩුගංබලා පීනන තරුණ කළාකරුවො ඉන්නවා කියන එකත් වාසනාවක්. නිකන්ම නිකන් වචන පේළි, රසයක් නැති ඔක්ටොපෑඩ් සංගීතය මුසුවුන සිංදු අතරින් එහෙම අවංක නිර්මාණයක් හොඳින් කැපිල පේනව. මේ කියන්න යන්නෙත් ඒ වගේ උඩුගං බලා පීනන තරුණ කළාකාරියකගෙ නිර්මාණයක් ගැන.

මතකයා මේ කියන්නේ දිනිති බෝගොඩ ගායනා කරන 'පැටළුනා' ගීතය ගැන. නෑ නෑ මතකයට පැටළුනා නෙවෙයි. ඕක තමයි ගීතයෙ නම. ගීතයෙන් කියවෙන්නේ, නන්නාදුනන වංක ආදරය පස්සෙ ගිහින් ජීවිතය පටලවගත්තු තරුණියක් ගැන. මාතෘකාව ඉතාම කාලෝචිතයි. නූතන සමාජයේ මුල්බැසගෙන තියෙන 'රැවටිල්ල' සහ 'රැවටීමට භාජනය වන' අහිංසකයින් ගැන මේ ගීතයෙන් අනුකම්පාසහගත විවරනයක් කෙරෙනව. වසන්ත දුක්ගන්නාරාළ (දුකා) අතින් ලියවුනු සංවේදී පදපේළි අතරින් නැඟෙන අර්ථරසය වගේම රංග දිසානායකයන් අතින් සංගීත නිර්මාණය වුනු මේ ගීතයට දිනිති බෝගොඩ තම ගායන හැකියාවෙන් දායක වෙන්නෙ, අති සාර්ථක නිර්මාණයක් බිහි කරන්න.

මතක පොතේ පාඨකයන්ටත් මතකයා ආරාධනා කරනවා මේ ගීතය අහලම බලන්න...


2 comments:

  1. සිංදුව අහන්නම්ෙකා් ගෙදර ගිහින්......... පද පේලි ටිකත් මෙතැන දුන්නා නං හොදයි කියලා හිතෙන්නෙ නැද්ද? :)

    ReplyDelete
    Replies
    1. හොඳා තමා... ඕං මම දිනිති නංඟාටම කිව්ව, පද පේලි ටිකත් මේකටම කොටා දාන්ටෙයි කියල. කෙලී සිංහල ටයිප් කොරන්ට ඉගෙනගන්නවා මේ දවස්වල. යථා කාලෙදි තථා අයුරින් පද පේලි ටික මේකට වැටේවි.

      Delete

බ්ලොග් එකක් සිංහලෙන් ලියන එකේ අමාරුව දන්නේ සිංහලෙන් බ්ලොග් ලියපු එකෙක්ම තමා. එහෙව් අමාරුවෙන් ලියන බ්ලොග් එක කියවල ඒකට කමෙන්ටුවක් දාන්නෙ එහෙමත් කරුණාවන්ත ඇත්තෙක් තමා. මට ඒ හැම කමෙන්ටුවක්ම රටක් වටිනව...