පුංචි සන්දියෙ ගමේ පන්සලේ දහම් පාසලේ ඉගෙනගත්තු කාලෙ කථාවක් මේක;
වෙසක් පෝය වගේ වැදගත් උත්සව කාලෙක (හරියටම මතක නැහැ මොකද්ද උත්සවේ කියලා) ගමේ පන්සලේ තියෙනවානෙ සර්ව රාත්‍රික පිරිත් පිංකම් එහෙම, ඔන්න ඔයවගේ දවසක දහම් පාසලේ ළමයිටත් නොයෙක් නොයෙක් වැඩ පැවරෙනවනෙ. ඉතින් මේ කියන දවසෙත් සර්ව රාත්‍රික පිරිත් දෙශනාවට පිරිත් මණ්ඩපේ එහෙම හදන්න භාර උනේ අපේ දහම්පාසලේ කොල්ලො කාණ්ඩෙට. මේ වගේ වැඩක් ඉතින් හරිම විනොදජනකයි නොවැ කොලු වයසෙ කට්ටියක්ම ඉන්නකොට. ඉතින් රෑ එලි වෙනකම්ම කට්ටිය වැඩ. පොඩි හාමුදුරුවොත් ඉඳහිටලා ඇවිත් බලලා හෝදිසි කරලා ගියෙ මේ එකතුවෙලා ඉන්න ගොයියන්ගේ වැඩගැන දන්න නිසයි.
කට්ටිය එක්ක දැන් පිරිත් මණ්ඩපය හදන්න කැටයම් කපන්න ආපු අයියටත් උදව් කරමින් වැඩේ කරගෙන යනවා. රෑ වෙන්න වෙන්න එක එකා පිරිසෙන් අඩු වෙනවා. සමහරු හොරෙන්ම ගෙදර ගිහින්. තවත් සමහරු අහුමුලු වලට වෙලා නිදි. අන්තිමේදි ඉතුරු උනේ මාත් තව කොල්ලො දෙන්නෙකුත් විතරයි. වැඩ කර කර ඉඳලා බැලින්නම් අපි ටික විතරයි. මේක දැකලා කට්ටියටම කේන්තියි.
"පෙනේද මුන් ඔක්කොම වැඩ තියෙද්දි මාරු වෙලා නොවැ, වරෙල්ල යන්න මුන්ව හොයාගෙන එමු."
පන්සලේ තියෙන ගොඩනැඟිලි අහුමුලු වල දැන් අපි පැනලා ගියවුන් හොයනවා. හොර තඩි ටික, බණ ශාලාවෙන් පැදුරු අරන් ගිහින් පිළිමගෙයි බිමට එලාගෙන හොඳට නිදි. පයින් ගහලා, කෑ ගහලා කොහොම කොහොම හරි නිදා උන්නු එවුන්ව නැඟිට්ටෙව්වා. හැබැයි එක කොල්ලෙක් ලොකු කළුවර කොටයක් ඉරන්නා වගේ ගොරව ගොරව නිදි. පයින් ගැහුවත්, කෑ ගහුවත් මේකා නෙවෙයි ඇහැරෙන්නෙ. දැන්නම් ඉවසීමේ සීමාව හොඳටම පැනලා. ඔය අතරෙ එක කොල්ලෙක් නිදා උන් එකාගෙ අත් දෙකෙන් අල්ලලා;
"පෙනේද මේකා මළා වගේ නිදි. අල්ලපන් මූගෙ කකුල් දෙකෙන්, උස්සලා ගමු"
ඔන්න ඉතින් කට්ටිය එක්ක නිදා උන් එකාව උස්සගෙන ගියා බෝ මලුවට. ( බෝ මලුවෙ සිහින් වැලි අතුරලනෙ තෙයෙන්නෙ ) ගිහින් වැලිගොඩ උඩින් තිබ්බ. මේකා තාමත් සැපට නිදි. "ඔහොමම නිදාගන්න ඇරපල්ලා", කියලා කට්ටියම ආයෙත් වැඩට ගියා.
පහුවදා උදේ නිදාගත් එකා එනවා මූන දෙබරයක් වගේ කරගෙන තරහෙන් පිපිරි පිපිරි, ඔලුවෙ ඉඳන් වැලි නාගෙන. කටෙත් වැලි.

No comments:
Post a Comment
බ්ලොග් එකක් සිංහලෙන් ලියන එකේ අමාරුව දන්නේ සිංහලෙන් බ්ලොග් ලියපු එකෙක්ම තමා. එහෙව් අමාරුවෙන් ලියන බ්ලොග් එක කියවල ඒකට කමෙන්ටුවක් දාන්නෙ එහෙමත් කරුණාවන්ත ඇත්තෙක් තමා. මට ඒ හැම කමෙන්ටුවක්ම රටක් වටිනව...