මට මේ බ්ලොග් එක පටන්ගන්න හිතුනෙ දුමීගෙ කට කහන කථා බ්ලොග් එක කියවලයි. වෙබ් එකේ සිංහලෙන් යමක් කරන්න ඕනැය කිය කියා හිත හිත ඉන්න කාලෙදි තමයි මේ පන්නරේ අහම්බෙන් වගේ ලැබුනෙ.
දුමීගෙ බ්ලොග් එක කියවලා බඩ කොරවෙනකන්ම හිනා උනා. මම දුමී තරම්ම කතාන්තර කියන්න දක්ශ නැතුව ඇති. ඒත් ඔයලා මගේ අඩුපාඩු පෙන්වලා දේවි කියලා මම බලපොරොත්තු වෙනවා.
මේ කථා කියන්නෙ හුදු විනෝදය සඳහාම පමණයි. කාටවත් මේ නිසා වරදක්, හිත් රිදීමක් වෙනවා නම් මම කලින්ම එයාලගෙන් සමාව ඉල්ලනවා.
දුමීට ස්තුතිවේවා, කියලා ඕං එහෙනං අපි කතාව පටන්ගනිමු...

ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන්, දිගු ගමනකට උණුසුම් සුබ පැතුම් ........
ReplyDeleteපටන් ගත්තා නේ එහෙනම් දිගටම ලියගෙන යමු!!
ReplyDeleteඔයාලට බොහොම ස්තුතියි කමෙන්ටුවක් දැම්මට. මේක මට ගොඩක් වටිනවා. තව කතා ඉස්සරහට ලියන්න තමයි බලාපොරොත්තුව. දිහටම රැඳී ඉන්න ආරාධනා...
ReplyDeleteපහුගිය මාස දෙක තුනේ ගොඩක් වැඩ රාජකාරි වැඩි වෙලා තිබුන නිසා බ්ලොග් අවකාශ පැත්තේ සැරිසැරුවේ ගොඩක්ම අඩුවෙන් නිසා මට මේක ඇහැගැහුනේ නෑ...
ReplyDeleteරන්දිකා නංගි තමයි මට එන්න පාර කිව්වෙ....!
ගොඩක්ම සතුටුයි මගේ නම සඳහන් කලාට. මගේ උණුසුම් සුභ පැතුම් හොඳ ඉදිරි ගමනක් යන්න...!
ජය වේවා....!
හම්මෝ දුමී අයියේ මේ කමෙන්ටුව රත්තරං... මට රටක් රාජ්ජයක් ලැබුනා වගේ. මට මේ බ්ලොග් එක ලියන්න පන්නරය දීපු කෙනෙක් තමයි ඔබ. ඉංග්‍රීසි බ්ලොග් එකකට වඩා, සිංහල අපේ හදවතට සමීප වෙන්න පුළුවන්, ඒ වගේම හුඟක් රසවිඳින්න පුළුවන් සිංහල අපේ භාශාවෙන්ම ලියවුනු බ්ලොග් එකකින්. ඔයාගෙ බ්ලොග් එක ඒකට කදිම උදාහරණයක්. කම්මැලි කමට හිටපු මතකයා, මතක පොත ලියන්න ගත්තේ ඒ පන්නරය මතින්. ඒකට මම ඔබට සදා ණයගැතියි.
Delete